මඩ බලකායට පඩි ගෙවලා ජනපති අමාරුවෙනම් වැටෙන්න එපා - මුජිබර් ආණ්ඩුවට රිදන්නම කියයි

Report

ආණ්ඩුවේ මඩ බලකායට පඩි ගෙවීමේදී ඔවුන් නිසි ලෙස කාර්යය ඉටු කළ බවක් සොයා බලා ගෙවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

රටෙන් පිටත සිටින තමා රටේ නොසිටි මොහොතකදී තමා පැවසූ බවට බොරු ප්‍රචාරයක් ආණ්ඩුවේ මඩ ෆේස්බුක් පිටුවක පළ කර ඇති බවත්, අතේ පත්තු වන බොරු කියන අයට පඩි ගෙවීම අපරාධයක් බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සැසියට සහභාගී වීම සඳහා රටින් බැහැරව සිටින බව කී රහුමාන් මහතා, විපක්ෂයට මඩ ගැසීමට ආණ්ඩුව භාවිතා කරන හොර ෆේස්බුක් ගිණුම්වල තමා නොකී දෙයක් සඳහන් කර ප්‍රචාරය කර ඇති බවද චෝදනා කළේය.

ජනාධිපති සනාගේ ගෙදරින් කෑවද නැද්ද කියලා නම් දන්නේ නෑ හැබැයි සනා ප්‍රබල මාලිමාවෙක් කියලා මම දන්නවා - චානක

ජනාධිපති සනාගේ ගෙදරින් කෑවද නැද්ද කියලා නම් දන්නේ නෑ හැබැයි සනා ප්‍රබල මාලිමාවෙක් කියලා මම දන්නවා - චානක

"ඔබතුමාලගේ ආණ්ඩුව රැක ගන්න මුදල් වියදම් කර පඩි ගෙවා මඩ ගහන බොරු වපුරන ෆේස්බුක් ගිණුම් ගණනාවක් තිබෙනවා. ඒ අයට පඩි ගෙවන කොට හොයලා බලලා ගෙවන්න. මම රටෙත් නැති වෙලාවෙ මම කිව්වා කියා ප්‍රවෘත්ති පළ කළ විට ඒවා අතේ පැලෙන බොරු වෙනවා. ඒ සල්ලි අපරාදෙ ආවේ ඵලදායිතාව ඇති කරන්න නේද? ඒ නිසා මේ මඩ බලකායට පඩි ගෙවන කොට ඔවුන් හරියට ජොබ් එක කරනවද කියලා හොයලා බලලා දෙන්න. ඔය මඩ බලකාය තමුන්නාන්සේලාටත් බොරු කියනවා. තමුන්නාන්සේගෙන් පඩි ගන්න අපි මොකක් හරි කිව්වා යැයි බොරු දාලා අන්තිමට ඒක අතේ පත්තු වෙනවා. මම ජනාධිපතිතුමාට කියන්නේ අපරාදෙ ඔබතුමාගේ මුදල් වියදම් කරන්න එපා"

"කන්ට්‍රක්ශන් වල වැඩ ගන්නේ සල්ලි වෙනුවට අයිස් දීලා" - ඇමති හර්ෂණගේ ආන්දෝලනාත්මක කතා

"කන්ට්‍රක්ශන් වල වැඩ ගන්නේ සල්ලි වෙනුවට අයිස් දීලා" - ඇමති හර්ෂණගේ ආන්දෝලනාත්මක කතා

විපක්ෂේ කොච්චර බලය අල්ල ගත්තත් තනි පක්ෂයක් විදිහට මාලිමාව ඉදිරියෙන් - මහින්ද ජයසිංහ

විපක්ෂේ කොච්චර බලය අල්ල ගත්තත් තනි පක්ෂයක් විදිහට මාලිමාව ඉදිරියෙන් - මහින්ද ජයසිංහ