"කන්ට්‍රක්ශන් වල වැඩ ගන්නේ සල්ලි වෙනුවට අයිස් දීලා" - ඇමති හර්ෂණගේ ආන්දෝලනාත්මක කතා
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගන්නට සමාජයේ උපකාර අවශ්‍ය වන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ වගේම ඇතැම් ව්‍යාපාරවල නිරත පාර්ශව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට මත්ද්‍රව්‍ය ලබාදී සිය රාජකාරින් ඉටුකරවා ගැනීමට පෙළඹී ඇති බවද අමාත්‍යවරයා සදහන් කරන ලදි.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ මතට ඇබ්බැහිවූවන්ට සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය විය හැකි මධ්‍යස්ථාන දහයක් රට පුරා ස්ථාපිත කරන බවයි. ඒ යටතේ පළමු ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, වැලිකන්ද නව සේනපුර නවෝදා තෘතිය හා වෘත්තිය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබේ . ඒ වෙනුවෙන් එම මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැවති උත්සවයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
''මේ ගොල්ලො අයිස් මත්ද්‍රව්‍ය වලට හුරුවෙච්ච මූලය තියෙන්නේ ඒ ගොල්ලෝ ජීවත්වෙච්ච සමාජයේ. ඇයි එයා මත්ද්‍රව්‍ය වලට පෙළඹුණේ පවුල් ප්‍රශ්නද ,රැකියා ප්‍රශ්ණ ද, තමන් ගැන හිතන්නේ නැති කමද මොකද්ද හේතුව කියලා තෝරගන්න මනෝ උපදේශන සේවය අවශ්‍ය වෙනවා. ඒ මූලයට බෙහෙත් කරන්න ඕනෙ.මනෝ උපදේශන සේවාවන් ලබාදීලා නැවතත් යන්නේ සුපුරුදු සමාජයටමනම් වැඩක් නෑ. ඒ මූලයයි බිදින්න ඕනෙ. සමාජයේ විශාල උදව්වක් අවශ්‍ය වෙනවා. ඉස්සර වෙලාම අපි අපේ ආකල්ප වෙනස් කරගමු මෙයාලා රෝගීන් කියලා. අපේ සමාජයේ ඉන්නවා මේ මිනිස්සු සූරාකන්න කට්ටියක්. කන්ට්‍රක්ශන් වල වැඩ ගන්න දෙන්නේ අයිස්. පොළේ පවා මුට්ට කරගහන කෙනාට සල්ලි වෙනුවට අයිස් දෙනවා.''
'' තමන්ට ලාභ ලබන්න තව කෙනෙක්ගේ ජීවිතය විනාශ වෙන විදිහට වැඩ කරන්න එපා. එහෙම රටක ආණ්ඩු මාරු කරා කියලා ,නීති ගෙනාව කියලා වැඩක් වෙන්නේ නෑ.එහෙනම් මෙලෙස මේ රෝගීන්ව සූරාකන එක පුරවැසියා තේරුම් අරගන නවත්තන්න ඕනෙ දෙයක්.සැපයුම නැවැත්වීම පොලිසිය සහ අදාළ අංශ වලින් කරනවා.ඒවගේම ඉල්ලූම නැවත්වීම මනෝ උපදේශන හරහා ඒ වගේම පෞර්ෂ වර්ධන කටයුතු සිදුකරනවා.ඒවගෙම මෙලස අයිස් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙ තරුණයො විතරක් නෙමේ.වැඩිහිටි අයත් පාවිච්චි කරනවා.ජීවිතයේ එක අවස්ථාවක ඔබට වරදින්න ඇති.අපි ඔබව හොරෙක් හතුරෙක් විදිහට පිළිගන්නේ නෑ . ඔබට ආදරෙන් ආරධනය කරනවා මේකෙන් මිදෙන්න.''