බංග්ලාදේශ අන්තර්වාර නායකයා ලෙස මුහම්මද් යුනුස්...

By Parami Dissanayake Aug 08, 2024 02:03 PM GMT
Report

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංග්ලාදේශයේ අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා එරට අගනුවර වන ඩකා වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුහම්මද් යුනුස් 84 හැවිරිදි වියේ පසුවන අයෙකි.

ශ්‍රී ලංකා රජයෙන් ගාසාහි ළමා අරමුදලට ආධාර...

ශ්‍රී ලංකා රජයෙන් ගාසාහි ළමා අරමුදලට ආධාර...

ඔහු පැමිණීමෙන් අනතුරුව රට තුළ සිදු කළ යුතුව පවතින කළ යුතු කාර්යයන් රැසක් පවතින බව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

15ක බංග්ලාදේශය පාලනය කළ ෂෙයික් හසීනාට එරෙහිව,පසුගිය දින කිහිපය පුරාම බංග්ලාදේශය පුරා උත්සන්නව පැවති විරෝධතා මාලාවෙන් අනතුරුව ඇයට රටින් පලා යාමට සිදු වූ අතර, පසුව එරට ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්, හමුදා නායකයින් සහ ශිෂ්‍ය නායකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස මහාචාර්ය යුනුස් නම් කිරීමට තීරණය වුණා.