මත්ද්‍රව්‍ය උවදුර මර්ධනයට සම්පූර්ණ සහය ලබාදෙන බව මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි

Report

කොළඹ නගරය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මත්ද්‍රව්‍යවලින් සිදුවන හානිය මැනවින් අත්දැක ඇති බවත්, එම උවදුර වැළැක්වීම සඳහා රජයට සෑම සහයෝගයක්ම ලබාදෙන බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (02) පැවසීය.

 අද කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“කොළඹ නගරය තුළ තරුණ පරපුර මත්ද්‍රව්‍යවලින් ගිලගැනීමේ තත්ත්වය දැක තිබෙනවා. මෙම උවදුර මර්ධනයට අපි ක්‍රියාකාරී සහයෝගය ලබාදෙනවා. අපේ ආණ්ඩු කාලයේත් මත්ද්‍රව්‍ය හා පාතාල මර්ධනයට වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක වුණා. කුඩු අල්ලන්නටත් පාතාලය මර්ධනයටත් අපේ සම්පූර්ණ සහය තිබෙනවා. ඊට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් හෝ අදහසක් අපේ නැහැ”

යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.

එසේම, රටේ සෑම ආණ්ඩුවක්ම මත්ද්‍රව්‍ය හා පාතාල මර්ධනයට දායක වී ඇති බවත්, වත්මන් ජනාධිපතිවරයා ආරම්භ කළ මෙම වැඩපිළිවෙළට එරෙහිව කිසිදු කකුල්මාට්ටුවක් නොදෙන බවත් ඔහු අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට මහා සංඝරත්නයේ සහය අපේක්ෂා කරයි - ජනාධිපති අනුර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට මහා සංඝරත්නයේ සහය අපේක්ෂා කරයි - ජනාධිපති අනුර

ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඇඟ හිරිවැටෙන අනාවරණයක් - ඉෂාරා සියල්ල වමාරයි

ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඇඟ හිරිවැටෙන අනාවරණයක් - ඉෂාරා සියල්ල වමාරයි