ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඇඟ හිරිවැටෙන අනාවරණයක් - ඉෂාරා සියල්ල වමාරයි
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය පුද්ගලයින් පස්දෙනෙකුගේ සැලසුම්කරණයකින් සිදුවූ බව පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
රැඳවුම් භාරයේ සිටින ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන්ගෙන් ලබාගත් දීඝ ප්රශ්නාවලියන්හිදී මෙම තොරතුරු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, දරූන්, ඉෂාරා සෙව්වන්දි සහ වෙඩිකරු ලෙස ක්රියා කළ සමිදු දිල්ශාන් යන පුද්ගලයින් මෙම ඝාතනයේ සැලසුම්කරුවන් බවත් පොලීසිය තහවුරු කරයි.
පසුගිය පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්රාත් අධිකරණ ශාලාව තුළදී ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තැබීමෙන් ඝාතනය කෙරිණි.