අපි වැටුප් ගන්නේ නෑ කියලා කොහෙවත් කියල නෑ! : මාලිමා පච දික්වේ..

By Shehan Apr 30, 2025 02:32 PM GMT
Report

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වැටුප් නොගන්නා බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත්, තම බැංකු ගිණුමට වැටුප් බැරවන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.

මැයි 02 දා වෙන්න යන්නේ කුමක්ද ? සිදුවන 9 වැනි යුද්ධය... ආරංචි රැසක් මෙන්න...

මැයි 02 දා වෙන්න යන්නේ කුමක්ද ? සිදුවන 9 වැනි යුද්ධය... ආරංචි රැසක් මෙන්න...

දේශපාලන සාකච්ඡාමය වැඩසටහනකදී ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ අතර, අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ප්‍රකාශ කළේ, "වැටුප පක්ෂයේ ගිණුමට බැර කිරීම යනු වැටුප් නොගැනීම බවට බොරු ප්‍රකාශ කරනවා මේ අය" යනුවෙනි.