ඔන්ලයින් වාහන ලියාපදිංචියට අවස්ථාව දෙනවා කිව්වා - මිනිස්සු වාහන අරන් දුක් විදිනවා මොකක්ද විසදුම?
අද දින (7) රැස් වූ පාර්ලිමේන්තුවේදී කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ අලුතින් වාහනයක් ගත් පසු ජනතාවට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සදහා සති දෙක තුනක කාලයක් බලා සිටිමට වන බවත් එය ජනතාවට අතිශය දුෂ්කර වන බවත් පෙන්වා දුන්නේය.
ඔන්ලයින් ලියාපදිංචියට අවස්ථාව දෙනවා යැයි කියූ කතාවට කුමක් සිදු වූයේ දැයි විමසමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.
"වර්තමානයේ ලොකු ඒ.සී බස් එකක් ලක්ෂ පන්සීයක්, පන්සිය පනහක් පමණ වෙනවා.ගමනාගමන මණ්ඩලයට අධි සුඛෝපභෝගී කියා පහසුකමක් ලබා දී තිබෙනවා.පෞද්ගලික අයට ලක්ෂ 500ක් පමණ වියදම් කර බස් රථයක් මිලදීගෙන සුඛෝපභෝගී ටිකට් එකකට තමයි ධාවනය කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා බොහෝ අය වියදම දරාගන්න බැරුව බස් මිලදීගෙන ගෙදර තියාගෙන ඉන්නවා. මේ ගැන අවධානය යොමු කළොත් හොඳයි. අලුතින් බස් ක්ෂේත්‍රයට එනවා නම් බැංකුවක මාස හයක් තිස්සේ ලක්ෂ විස්සක තැන්පතුවක් තිබිය යුතුයි. එවිට විදෙස් රටවල සේවය කරන අයගේ අපේක්ෂා භංගත්වයට පත්වෙනවා. මාස හයක් ලක්ෂ විස්ස ගානෙ තියෙනකොට ඒ අයට දරාගන්න අමාරුයි.මේ කතා කරන්නේ මම ගැන නෙමෙයි. හැබැයි මේ ක්ෂේත්‍රයට අලුතින් කවුරුවත් ඉදිරිපත් වෙන එකක් නෑ" ලෙසයි.