චාමරගේ විදෙස් ගමන් ගැන තීරණය දෙන්නේ මෙහෙම

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය මහාධිකරණය මඟින් ලබාදෙන නියෝගය මත පදනම් වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (2026 මැයි 12) දන්වා සිටියේය.

චීනයේ සංචාරයක නිරත වීම සඳහා තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස මන්ත්‍රීවරයා කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, චීන වීසා ලබා ගැනීම සඳහා දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හැරීමට නියෝග කළේය.

කෙසේ වෙතත්, මෙම නඩුවට අදාළව මහාධිකරණය මඟින් දැනටමත් අධි චෝදනා ගොනු කර ඇති බැවින්, ගමන් තහනම ඉවත් කර ගැනීමේ සහනය ලබා ගැනීමට මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විත්තිකාර පාර්ශ්වයට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවට සංචාරකයින් ගැන සුභ ආරංචියක්

ශ්‍රී ලංකාවට සංචාරකයින් ගැන සුභ ආරංචියක්

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ (2016 වසරේදී) පළාත් සභාව සතු ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්පිරීමට පෙර ඉවත් කර රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදු කළ බවට චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

අද දින මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සංචාරයක් සඳහා සහභාගී වීමට බලපත්‍රය කඩිනමින් අවශ්‍ය වන බවයි.

ශ්‍රී ලංකාව අසළ අඩු පීඩන කලාපය තවදුරටත් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව අසළ අඩු පීඩන කලාපය තවදුරටත් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මේ පිළිබඳ වැඩිදුර කරුණු විමසීම ලබන මැයි 19 වනදාට කල් තැබිණි.