ශ්‍රී ලංකාවට සංචාරකයින් ගැන සුභ ආරංචියක්

Report

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මැයි මාසයේ මුල් දින 10 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 46,606ක් පැමිණ ඇති බවයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 18,533ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 40%ක් වේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි තැබෑරුම් වසා දමයි - රටම කළඹන හදිසි තීරණයට අත්සන මහ ඇමතිගෙන්

වහාම ක්‍රියාත්මක වන පරිදි තැබෑරුම් වසා දමයි - රටම කළඹන හදිසි තීරණයට අත්සන මහ ඇමතිගෙන්

එමෙන්ම, චීනයෙන් 3,472ක්, එක්සත් රාජධානියෙන් 2,517ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 2,441ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. තවද, 2026 ජනවාරි 01 සිට මැයි 10 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 922,883ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 208,451ක්, රුසියාවෙන් 74,628ක් සහ එක්සත් රාජධානියෙන් 91,362ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.