හරිනිට ඉන්නේ ගැණු යාලුවෝ විතරයි මට ඉන්නේ පිරිමි යාලුවෝ විතරයි - ඇමති බිමල් කියන කතාව
අග්‍රාමාත්‍යනි හරිනි අමරසූරිය මහත්මිය කාන්තා පාසලකට ගිය නිසා පිරිමි යහළුවන් නොසිටි බව පාර්ලිමේන්තු සභා නායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ඔහු තමාත් ඉගෙන ගත්තේ පිරිමි පාසලක බැවින් ගැහැණු යහළුවන් නොසිටීමෙන් යම් සීමාවන් මුහුණ දී ඇති බවද සදහන් කළේය.
මෙවැනි ලිංගික වෙන්වීමේ ප්‍රථිපලය ලෙස අධ්‍යාපනික හා සමාජ ගැටළු රැසක් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට මුහුණ දියට සිදුව ඇති බවද ඔහු විශේෂයෙන් අවධාරණය කළේය.
ඔහු පෙන්වා දෙන්නේ, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, ගැහැණු හා පිරිමි පාසල් වෙන් වුවද එකම ශාස්ත්‍රානුකූල ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බැලිය යුතු බවය.
මෙම අදහස් පළ කරනු ලැබූයේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයක් අමතමින්ය.