මෝටර් රථයක ගැටී පහරදුන් බව කියන සිද්ධිය- කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් අර්චුනා රාමනාදන්ගේ නඩුවට අලුත් නියෝගයක්
බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථය අනතුරට පත් කර, පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට පවරා ඇති නඩුවෙහි විත්තියේ සාක්ෂි විභාගය නොවැම්බර් 10 වන දිනට කැඳවිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද ( 17) දින නියම කර ඇත.
ලසන්ත අබේවර්ධන නමැත්තකු ඉකුත් 2021 මාර්තු 02වැනිදා බේස්ලයින් මාර්ගයේ මෝටර් රථය පදවමින් සිටියදී එම රථය අනතුරට පත් කර පහර දීමේ සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර ඇත
මෙහි පැමිණිල්ල මෙහෙයවීම ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් සිදුකර තිබේ සිද්ධිය සම්බන්ධයෙන් අද (17) දින පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වු අතර විත්තියේ සාක්ෂි විභාගයට මෙලෙස දින නියම විය .