තවත් ලොක්කෙක්ට වැඩ වරදී - හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට අධි චෝදනා 5 ක්

Report

හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුලු 06 දෙනෙකුට විවෘත අධිකරණයෙදී අධි චෝදනා භාර දීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත.

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

2014 වසරේ දෙසැම්බර් මස 26 වනදාත්, 2015 වසරේ ජනවාරි මාසයත් අතර කාලය තුළ නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරමින් ගංවතුර සහනාධාර සදහා රුපියල් 6,146,110 ක මුදලක් වැයකරමින් එකී මුදල් සාපරාධී, සාවද්‍ය පරිහරණය ඇතුලු අධි චෝදනා 05 ක් යටතේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ එවක සභාපතිවරයා ඇතුලු විත්තිකරුවන් 06 දෙනාට මෙම නඩුව ගොනු වී තිබේ.

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර තිබේ.

වැඩිදුරටත් මෙම පූර්ණ නඩු විභාගය ලබන ඔක්තොම්බර් මස පළමුවනදා පැවැත්වීමට නියමිත වේ.