තැපැල් සේවකයන්ට සුබ ආරංචියක් - රජයෙන් මිලියන 600ක්

Report

දිවයින පුරා පිහිටි පැරණි තැපැල් කාර්යාල 200ක් නවීකරණය කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කළේය.

තැපැල්පතිවරයා මෙම අදහස් පළ කළේ වසර 150කට වඩා පැරණි ඉතිහාසයක් ඇති බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (2026 මැයි 16) පැවැති නිල උත්සවයට එක් වෙමිනි.

50%කින් වාහන මිල ඉහළ යනවායි කියන එක සම්පූර්ණ මිත්‍යාවක් එහෙම වෙන්නේ නෑ - නි. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

50%කින් වාහන මිල ඉහළ යනවායි කියන එක සම්පූර්ණ මිත්‍යාවක් එහෙම වෙන්නේ නෑ - නි. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පතිවරයා සඳහන් කළේ, දිවයිනේ පවතින ඉපැරණි තැපැල් කාර්යාල පාරිභෝගිකයන්ට වඩාත් ප්‍රියමනාප ස්ථාන බවට පත් කිරීම තමන්ගේ ප්‍රධාන පරමාර්ථය වන අතර, ඒ තුළින් සේවාලාභීන් වැඩි වැඩියෙන් තැපැල් සේවාවන් සමඟ සම්බන්ධ වනු ඇති බවයි.

මෙලෙස නවීකරණය කරන ලද තැපැල් කාර්යාල සඳහා විශේෂිත ආදායම් සහ සේවා ඉලක්ක ලබා දී ඇති බවත්, සේවකයින් කැපවීමෙන් කටයුතු කිරීම තුළින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය වූ ප්‍රතිපාදන නැවත උපයා ගැනීමට හැකි වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

පොලීසිය කොන්දේසි විරහිතව සමාව ගනී - හේතුව මෙන්න

පොලීසිය කොන්දේසි විරහිතව සමාව ගනී - හේතුව මෙන්න

තවද, තැපැල් කාර්යාල තුළ සිදු කරන සේවාවන් විනිවිද පෙනෙන වීදුරු කවුළු හරහා වඩාත් කාර්යක්ෂම සහ පාරිභෝගික හිතකාමී ලෙස ඉටු කරන ලෙස ඔහු සේවක මණ්ඩලයෙන් ඉල්ලා සිටි අතර, මෙම අවස්ථාවට නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත රුලංගමුව මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.