ඇඟට ගල් පෙරලෙනවා පුළුවන්නම් අපි බේරගන්න කිව්වා ඇල්ල අනතුරේදී පැය 5ක් ෆෝන් එකේ දුවත් එක්ක හිටපු අම්මා
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුරක් පිළිබඳ පුවතක් වේගයෙන් පැතිර යන්නට වුණා. ඒ වන විටත් අඩි 500 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබූ බස් රථයේ සිටි දරුවන් ඇතුළු පිරිස් බේරා ගැනීමට ඇල්ල අවට බොහෝ දෙනා එම ස්ථානයට එක්රොක් වී සිටියා.
අනතුරින් තංගල්ලේ නගර සභාවේ සේවකයින්, දරුවන් ඇතුළු 15 දෙනෙකු තමන්ගේ දිවි ගමනට සමුදුන්නා. ඊයේ තංගල්ල නගර සභා පරිශ්‍රයේ අවසන් ගෞරවය සඳහා දේහයන් තැන්පත් කර තැබුණු අතර පස්වරුවේ එම දේහයන් ඔවුන්ගේ නිවෙස් කරා රැගෙන ගියා.
මෙම අනතුරින් තුවාල ලැබූ 11 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ එම ඛේදවාචකයේ තවත් එක් කතාවක් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.
එහිදී අනතුරට පත් කාන්තාවකගේ මව විසින් මෙම කතාව පවසන අතර ඇයගේ දියණිය ප්‍රපාතයට පෙරලුණු අවස්ථාවේදී නිවසට දුරකථන ඇමතුමක් ලබා දුන් අතර "අම්මේ අපි පල්ලමකට පෙරලුනා ගල් පෙරළි පෙරළි එනවා පුළුවන් නම් අපි බේරගන්න" යනුවෙන් ඇය පැවසූ බව සඳහන් කළා.
ඒ අවස්ථාවේදී ඇය පැය පහක් පුරාවට දුරකථනයේ රැඳී සිටි බව මේ මව ප්‍රකාශ කර තිබේ.අනතුරුව සියලු දෙනා දැනුවත් කර එම ස්ථානයට ගොස් ඔවුන්ව බේරා ගැනීමට කටයුතු කර තිබේ.