විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවා ඇත.
2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන ආකාරයට 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 5.116ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 19.3%ක වැඩි වී ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් පෙන්වා දී ඇත්තේ මෙම වසරේ මුල් මාස අට තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බවයි.
එමෙන්ම 2025 මුල් මාස අට තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.03ක් ලෙස වාර්තා වන අතර එය 2024 මුල් මාස අට තුළ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 1.88ක සංචාරක ඉපැයීම් හා සසඳන විට 7.8%ක වැඩිවීමක් බව වාර්තා වේ.