දිනෙන් දින ඉහල යන පකිස්තාන ත්‍රස්ත ක්‍රියා
සන්නද්ධ කණ්ඩායම්වල වැඩිම බලපෑමක් එල්ල වී ඇති පකිස්තානයේ පළාත් අතර Khyber Pakhtunkhwa පෙරමුණට පැමිණ ඇත. ඊට අනුව මෙම වසරේදී එම පළාතෙන් ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයේ භයානක වැඩිවීමක් වාර්තා වී ඇති බවයි.
පොලිස් වාර්තාවකින් හෙළි වූයේ 2025 පළමු මාස අට තුළ පමණක් පළාත ත්‍රස්තවාදී සිදුවීම් 605 කට මුහුණ දී ඇත. මේ හේතුවෙන් සිවිල් වැසියන් සහ ආරක්ෂක නිලධාරීන්ට දැඩි හානි සිදු වූ බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
Geo News වලට අනුව එම ත්‍රස්ත ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 138 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර 352 දෙනෙකු තුවාල ලබා ඇති අතර නිලධාරීන් 79 දෙනෙකු දිවි පිදූ බවත් 130 දෙනෙකු තුවාල ලැබූ බවත් පොලිස් බලකාය ද දැඩි ලෙස පීඩාවට පත් ව ඇති බවත් වාර්තා වේ.
මෙම තොරතුරු මගින් පැහැදිලි වන්නේ කලාපය තුළ ප්‍රජාවන් සහ නීතිය ක්‍රියාත්මක කිරීම යන දෙඅංශයේම ත්‍රස්තවාදය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.