මිලියන 57ක වස්තුවක් ඇමති නලින්ද අතින් ජනතා අයිතියට
අද (07) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 170කට අධික වියදමින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණි.
රුපියල් මිලියන 57 කට අධික වියදමක් යොදා බාහිර රෝගී අංශය සහ හදිසි ප්‍රතිකාර ඒකකය නවීකරණය කර ඇත. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ රුපියල් මිලියන 5කට අධික මුදලක් වැය කර නවීකරණය කරන ලද රෝහලේ පොදු ගබඩාව සහ මිලියන 8කට අධික මුදලක් වැයකර රෝහල් පරිශ්‍රයේ අලුතින් ස්ථාපනය කරන ලද කසළ කලමණාකරන ඒකකය ද ජනතා අයිතියට පත් කල බවයි.