බිහිසුණු අනතුරෙන් දෙදරු මවක් මරුට, සැමියට බරපතළයි

By Kaushi Jul 31, 2025 05:50 AM GMT
Kaushi

Kaushi

Report

මරදානේ සිට නාවලපිටිය දක්වා අඹුසැමි යුවලක් ගමන්ගත් යතුරුපැදියක් අද (31) දින උදෑසන අනතුරට පත්ව ඇත.

අනතුරෙන් බිරිඳ එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී යතුරු පැදිය ධාවනය කළ සැමියා බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව ගිනිගත්හේන පොලිසිය වාර්තා කරයි.

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

ඒ අනුව මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි නෛයි ජනීරා ස්නයි නැමති වයස අවුරුදු 44 හැවිරිදි දෙදරු මවක් බව සඳහන්.

අනතුරට පත් අඹු සැමි යුවල නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඥාතියෙක් බැලීමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇත.

එහිදී හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේදි කොළඹ සිට වටවල දක්වා ධාවනය වූ ලොරි රථයක් අපරික්ෂාකාරි ආකාරයට යතුරුපැදිය ඉස්සරකර යෑමට තැත් කිරිමේදි යතුරුපැදිය ලිස්සා ගොස් ඇති බව සඳහන්.

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

අනතුරෙන් යතුරුපැදියේ පසුපස ගමන් ගත් බිරිඳ ලොරි රථයේ පසුපස රෝදයට යට වී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

එමෙන්ම රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවත්, ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

ලංකාවේ පිරිමින්ට සෞඛ්‍යයෙන් විශේෂ නිවේදනයක්

ලංකාවේ පිරිමින්ට සෞඛ්‍යයෙන් විශේෂ නිවේදනයක්

ReeCha