මිනී පෙට්ටි 39ක් පැටවූබට්ටා ලොරිය පොලිස් දැලේ

Sri Lanka Police Law and Order Sinhala news gagana news
By Mithu Jul 31, 2025 06:11 PM GMT
Mithu

Mithu

Report

මිනී පෙට්ටි 39ක් පටවාගෙන ගිය කුඩා ලොරියක් සමඟ රියැදුරු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ මිනී පෙට්ටි නිෂ්පාදනය කරන ආයතනයකට අයත් ලොරි රථයක් සහ රියැදුරකු බව සඳහන් වේ.

වියදම් පාලනයට පාසල් වහන්න බෑ - අධ්‍යාපනය අපේ ප්‍රමුඛතාවයයි - අගමැතිනි

වියදම් පාලනයට පාසල් වහන්න බෑ - අධ්‍යාපනය අපේ ප්‍රමුඛතාවයයි - අගමැතිනි

පානදුර දෙස සිට කළුතර දෙසට ඉතා අනාරක්ෂිත ලෙස මිනී පෙට්ටි 39ක් පටවාගෙන පසුගියදා (28දා) ගමන් ගත් කුඩා ලොරි රථය වාද්දුව ප්‍රදේශයේදී නවතා පරීක්ෂාකොට පොලිස් භාරයට ගෙන තිබේ.

රියැදුරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත පෙරේරා ඇතුළු නිලධාරීන්ගේ උපදෙස් පරිදි සැරයන් ජීවක (51878) වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

ReeCha