මිනී පෙට්ටි 39ක් පැටවූබට්ටා ලොරිය පොලිස් දැලේ
මිනී පෙට්ටි 39ක් පටවාගෙන ගිය කුඩා ලොරියක් සමඟ රියැදුරු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ මිනී පෙට්ටි නිෂ්පාදනය කරන ආයතනයකට අයත් ලොරි රථයක් සහ රියැදුරකු බව සඳහන් වේ.
පානදුර දෙස සිට කළුතර දෙසට ඉතා අනාරක්ෂිත ලෙස මිනී පෙට්ටි 39ක් පටවාගෙන පසුගියදා (28දා) ගමන් ගත් කුඩා ලොරි රථය වාද්දුව ප්‍රදේශයේදී නවතා පරීක්ෂාකොට පොලිස් භාරයට ගෙන තිබේ.
රියැදුරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත පෙරේරා ඇතුළු නිලධාරීන්ගේ උපදෙස් පරිදි සැරයන් ජීවක (51878) වැඩිදුර පරීක්ෂණ පවත්වයි.