පහුගිය මාස හයට පොලිස් නිලධාරීන් 300ක් දැලේ

Sri Lanka Police Crime Latest Headlines Ananda Wijepala Sinhala news
By Ashfa Jul 31, 2025 05:34 PM GMT
Ashfa

Ashfa

Report

පසුගිය මාස හයක කාලය තුළ පොලිස් නිලධාරීන් තුන්සීයකට වැඩ තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

රට යන්න හදනවද ඔයා රැවටෙන්න යන්නේ - කොරියා ජපන් ඊශ්‍රායෙල් රුමේනියා විශේෂයෙන් පරිස්සම් වෙන්න

රට යන්න හදනවද ඔයා රැවටෙන්න යන්නේ - කොරියා ජපන් ඊශ්‍රායෙල් රුමේනියා විශේෂයෙන් පරිස්සම් වෙන්න

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, නීතිය ඉදිරියේ සියල්ලන්ට සමාන වන අතර තනතුරක්, තනතුරේ ප්‍රභේදයක් සලකා නොබලා අයෙකු විසින් විනය භංගයකට වගකිවයුතු වුවහොත් එයට ගැලපෙන ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම රාජ්‍ය සේවයේ පවතින සුළු සංඛ්‍යාවකින් යුත් පුද්ගලයින්ගේ අසත්‍ය ක්‍රියාකලාප සම්පුර්ණ රාජ්‍ය සේවාවටම ලක්වන විශ්වාසය හා ගෞරවය අඩාල කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

''මේ මාස හයට විතරක් තුන්සීයක් මේ වෙනකොට වැඩ තහනමට ලක්වෙලා තියෙනවා. එහෙම වැඩ තහනමට ලක් වෙන්නේ තමන් කරන, තමන්ට ලැබුණු රැකියාව පිළිබඳව ආදරයක්, බැඳීමක්, තමන් ලබන වැටුප මොන ආකාරයෙන්ද ලැබෙන්නේ කියලා හැඟීමක්, දැනීමක් නැති තැන. සමහර අය අවුරුදු විසිපහක් සේවයේ ඉඳලා තමන්ගේ තනතුර අහිමි කරගෙන විශ්‍රාම වැටුප අහි අහිමි කරගෙන සිරගත වන අවස්ථා අපි දැකලා තියෙනවා. අපේ පාලක ජෙනරාල්වරයාට මුලට තියෙනවා වැඩබලන කියලා. අපේ රටේ පොලිස්පතිවරයාට වර්තමාන මුලට තියෙනවා වැඩබලන කියලා. අපේ රටේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට. මුලට තියෙනවා වැඩබලන. ඇයි වැඩබලන ඇවිල්ලා තියෙන්නේ. මේ දෙපාර්තමේන්තුවේ ආගමන පාලක ජෙනරාල්වරයා සිරගත වෙනවා. පොලිසියේ පොලිස්පතිවරයා සිරගත වෙලා ඇප පිට ඉන්නවා. විමර්ශන යනවා. බන්ධනාගාර කොමසාරිස්වරයා තමන්ගෙම බන්ධනාගාරයේ බන්ධනාගාර ගත වෙලා ඇප පිට නිදහස් වෙලා ඉන්නවා. දැන් මේ ප්‍රධාන ආයතනවල දැන් ඉන්නේ වැඩ බලන. තනතුරු තියාගෙන. ඇයි එහෙම වෙන්නේ? ඒක තමා අපි ආයතනයක රැකියා ලබන කොට ඒක රැකියාවක් විතරක් හැටියට සිතුවොත් ඒක ඒ කොටසට විතරක් ලඝු කර ගත්තොත් ඒ වගේම අපි ඒක අපේ තාවකාලික අවස්ථාවක් හැටියට හිතුවොත් එවැනි දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා අපි රජයක් හැටියටත්, තරාතිරම කුමක් වුවත් ඒ හැම තරාතිරමක කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.''

ReeCha