ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ගැන පුළුල් විමර්ශනයක්

Report

රුපියල් කෝටි 1000 කට අධික මහා පරිමාණ පිරමීඩ ජාවාරමකට අදාළව තහනම් කර තිබූ කුරුණෑගල ප්‍රදේශයේ රුපියල් කෝටි 5 ක් වටිනා ඉඩම් 2 ක් පවරාගෙන ඇතැයි කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඊයේ (31 වැනිදා) දන්වා සිටියේය.

අධිකරණය මගින් තහනම් කර තිබෙන දේපළක් අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත පවරා දීමට කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන්ද විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග වෙත දන්වා සිටියේය.

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බවත්, එහිදී එවැනි වටිනා දේපළක් මිලදී ගැනීමට ඔහුට වත්කමක් නොමැති බව අනාවරණය වූයේ යැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.

වියදම් පාලනයට පාසල් වහන්න බෑ - අධ්‍යාපනය අපේ ප්‍රමුඛතාවයයි - අගමැතිනි

වියදම් පාලනයට පාසල් වහන්න බෑ - අධ්‍යාපනය අපේ ප්‍රමුඛතාවයයි - අගමැතිනි

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එරාමිරකල් ජෙනිසීස් නමැති පිරමීඩාකාර මූල්‍ය ජාවාරමක් හරහා තැන්පත්කරුවන් 17,000 කට අධික පිරිසකගේ රුපියල් කෝටි 1000 කට අධික මුදලක් වංචා කරන ලදැයි කියන සිද්ධියට අදාළ නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී විමර්ශනයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කරුණු අනාවරණය කළේය.