මාර්ගයේ ධාවනය වන බස් හා ලොරි රථ අතරින් 30%ක්ම පාවිච්චි කරන අලුත් ඉන්ධන වර්ගය..

Report

මාර්ගයේ ධාවනය කෙරෙන බස් හා ලොරි රථ අතුරින් සියයට තිහක්ම ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට තොරතුරු අනාවරණය වී ඇත.

භූමිතෙල් යොදා ධාවනය වන එවැනි බස් හා ලොරි රථ මෙන්ම ඩීසල් වාහන ගැන පුළුල් සොයා බැලීමක් සිදුකරන ලෙසට සියලුම දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරුන්ට උපදෙස් දී තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ අයි.ජී. දසුන් ජනක පැවැසීය.

ලැව්ගිනි හේතුවෙන් ඓතිහාසික නගරයකට දැඩි හානි..(VIDEO)

ලැව්ගිනි හේතුවෙන් ඓතිහාසික නගරයකට දැඩි හානි..(VIDEO)

දුම් පරීක්ෂණ ආයතනවලින් පරීක්ෂා කිරීමේදී පවා භූමිතෙල් ගැසූ වාහන වෙන් වෙන්ව හඳුනාගත නොහැකි බවත්, එම වාහන හඳුනාගත හැක්කේ දුගඳින් පමණක් බවත් කී අධ්‍යක්ෂවරයා, එවැනි බස් රථ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිසියටද උපදෙස් ලබාදී ඇති බවද සඳහන් කළේය.

අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් දෙදෙනකුට පොලු මුගුරු ප්‍රහාරයක්..

අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් දෙදෙනකුට පොලු මුගුරු ප්‍රහාරයක්..

විශේෂයෙන්ම මගී ප්‍රවාහන සේවා බස් රථවල හිමිකරුවන් ඉන්ධන පිරවුම්හල් හා ධීවරයන් සඳහා ලබාදෙන භූමිතෙල් මිලදීගෙන බස් රථවලට යොදන බවත්, ඇතැම් බස් රථ භූමිතෙල් හා ඩීසල් සඳහා තෙල් ටැංකි දෙකක්ම සකස් කරගෙන ඇති බවත් වාර්තා වේ.

වෝඩ් පෙදෙසේ අභිරහස් ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ..

වෝඩ් පෙදෙසේ අභිරහස් ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ..

මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින නීතියේ දඩයද සුළු බවත්, ඒ හේතුවෙන් මෙය පාලනයෙන් තොර පාරිසරික ගැටලුවක් වී ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේය.