අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් දෙදෙනකුට පොලු මුගුරු ප්‍රහාරයක්..
By Piyumika
පුනරීන් අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් දෙදෙනකුට ඒම ප්‍රදේශයේ පුද්ගලයකු අඩවි වන කාර්‍යාල භුමියට පැමිණ පොලු මුගුරුවලින් පහරදීමක් වාර්තාවේ .
එම පහරදීම හේතුවෙන් තුවාල ලබා ඒක් අයකු පුනරීන් රෝහලට ඇතුලත් කර ඇතැයි පුනරින් පොලිස්ය පැවසීය .
පුනරීන් ප්‍රදේශයේ වනාන්තර කැපිමක් පිළිබඳව මිට මසකට පමණ පෙර අත්අඩංගුවට ගත් පුද්ගලයකු බීමතින් පැමිණ නිළධාරින්ට පහර දී අඩවි වන කාර්‍යාලයේ ජනෙල් කඩා රජයේ දේපලවලට අලාභානි සිදුකරිම සම්බන්ධයෙන් අඩවි වන කාර්‍යාල නිළධාරින් පොලිසියට පැමිණිලි කර ඇත .
එම පැමිණිල්ල මත පහරදුන් පුද්ගලයා අත්වඩංගුවට ගෙන ඇතැයි පහර කැමට ලක්ව දැනට රොහල් ගතව සිටින නිළධාරියකු පවසා තිබේ .