ලැව්ගිනි හේතුවෙන් ඓතිහාසික නගරයකට දැඩි හානි..(VIDEO)
Canada
Wildfire
World
By Piyumika
බටහිර කැනඩාවේ ජැස්ෆර් ජාතික උද්‍යානයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ඓතිහාසික ජැස්ෆර් නගරයට දැඩි හානි සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ .
අධික සුළං හේතුවෙන් සීඝ්රයෙන් ව්‍යාප්ත වන ලැව්ගිනි හේතුවෙන් කැනේඩියානු රොකීස් නිවාඩු නිකේතන නගරයේ ගොඩනැගිලිවලින් සියයට 33 ක් පමණ මේ වනවිට විනාශ වී අවසන් බවයි වාර්තා වනුයේ .
එමෙන්ම අක්කර 89,000 ක් ගිනි ගෙන තිබේ .
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන කණ්ඩායම් තවමත් කටයුතු කරමින් සිටින අතර, 5,000ක් පමණ ප්‍රදේශවාසීන් හා 20,000ක සංචාරකයින් පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
