මොනරාගල ප්‍රතික්ෂේප වූ තැපැල් ඡන්ද 900ත් ඉක්මවයි...
By Parami Dissanayake
මොණරාගල දිස්ත්‍රික්කයේ ස්ථීරව පදිංචි ඡන්ද දායකයන් 24,797 දෙනෙක් මෙවර ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.
නමුත්, ඡන්ද දායකයන් 25,736ක් තැපැල් මඟින් ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා අයදුම් කර ඇති අතර එයින් ඉල්ලුම්පත් 939ක් විවිධ අඩුපාඩුකම් හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මොණරාගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 399,166 දෙනෙක් මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.