මැතිවරණ පැමිණිලි 5200ත් ඉක්මවයි...
By Parami Dissanayake
2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 5214 දක්වා ඉහළ ගොස් තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කර සිටිනවා.
ඒ අනුව වාර්තා වන්නේ, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 5071ක් වන බවයි.
ඊයේ (19) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 267ක් ලැබී තිබෙනවා.