පෞද්ගලීකරණය වූ බලවේග සේවකයන්ගේ මාසික දීමනාව ඉහළට

By Shehan Dec 12, 2025 07:06 AM GMT
Report

පේෂකර්ම දෙපාර්තමේන්තුව යටතේ 1980-1982 කාලයේදී පෞද්ගලීකරණය කරන ලද බලවේග ව්‍යාපාරවල සේවක සේවිකාවන්ට ගෙවන මාසික දීමනාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

පේෂකර්ම දෙපාර්තමේන්තුව යටතේ පැවති බලවේග පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම නිසා රැකියා අහිමි වූ සහ වසර 10ක සේවා කාලය සම්පූර්ණ නොකිරීම හේතුවෙන් විශ්‍රාම වැටුප් හිමිකම් ලබාගැනීමට නොහැකි වූ සේවකයන්ට දැනට ගෙවන මාසික දීමනාව පවතින ජීවන වියදම සමග සැලකිල්ලට ගත්විට ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන තිබේ.

රන් මිල තවත් ඉහළට - පවුමක මිල රු. 339,000 දක්වා උඩ යයි

රන් මිල තවත් ඉහළට - පවුමක මිල රු. 339,000 දක්වා උඩ යයි

2025 අප්‍රේල් 21 වැනිදා කැබිනට් තීරණය අනුව, මෙම සේවකයන්ට අස්වැසුම වැඩසටහන යටතේ ප්‍රතිලාභ සැලසීමේ හැකියාව පිළිබඳ සොයා බලා ඇති නමුත්, පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ ඔවුන්ට සෘජුවම එවැනි සහන ලබාදීමට නොහැකි බව පෙනී ගොස් තිබේ.

එබැවින්, එම සේවකයන් අතරින් දැනට රුපියල් 590කට වඩා අඩු මාසික දීමනාවක් ලබන අයගේ දීමනාව 2026 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5,000ක් දක්වා සංශෝධනය කර ගෙවීමට කටයුතු කිරීමේ පියවර සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර ඇති අතර, ඒ අනුව කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබේ.

මෙම සංශෝධනයෙන් පීඩිත සේවකයන්ට සැලකිය යුතු සහනයක් ලැබෙනු ඇති අතර, රජයේ මෙම පියවර පිළිබඳ සේවක සංගම්වලින්ද ප්‍රසාදය පළ වී ඇති බව වාර්තා වේ.

ආපදාව ගැන දැනගත්තම රජය උපරිම ක්‍රියාමාර්ග ගත්තා - ජලාශ ඇරීම - වැසීම අපේ වැඩක් නෙමෙයි - මාලිමා මන්ත‍්‍රී සුනිල්ට මල පනී

ආපදාව ගැන දැනගත්තම රජය උපරිම ක්‍රියාමාර්ග ගත්තා - ජලාශ ඇරීම - වැසීම අපේ වැඩක් නෙමෙයි - මාලිමා මන්ත‍්‍රී සුනිල්ට මල පනී

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර