මන්කිෆොක්ස් නව ප්‍රභේදය ආසාදිත වූ අයෙක් ඉන්දියාවෙන්...

By Parami Dissanayake Sep 25, 2024 06:29 PM GMT
Report

මන්කිෆොක්ස් නව ප්‍රභේදය වැළදුණු ආසාදිතයෙක් පළමුවරට ඉන්දියාවෙන් වාර්තා වී ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අදාළ ආසාදිතයා ඩුබායි සිට පැමිණි දකුණු කේරළ ප්‍රාන්තයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

ඉතිහාසයේ පළමු වරට සිංගප්පුරුවේ ජනගහනය මිලියන හය ඉක්මවයි...

ඉතිහාසයේ පළමු වරට සිංගප්පුරුවේ ජනගහනය මිලියන හය ඉක්මවයි...

අප්‍රිකාවේ ඉතා වේගයෙන් පැතිරෙන එම නව ප්‍රභේදය “clade 1b” ලෙස හැඳින්වෙන අතර එහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ, සමෙහි ඇතිවන ගැටිති සහ වේදනාකාරී තුවාල හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වෛරසය ආසාදනය වන සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව ද වාර්තා වේ.

තායිලන්ත රජුගෙන් සමරිසි විවාහ නීතිගත කිරීමට අනුමැතිය...

තායිලන්ත රජුගෙන් සමරිසි විවාහ නීතිගත කිරීමට අනුමැතිය...

මේ අනුව, මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ, අප්‍රිකානු මහද්වීපයේ රටවල් කිහිපයක පැතිර යන ‘මංකිපොක්ස්’ වසංගතය ලොව අවධානයට ලක්විය යුතු බවයි.