රිලවුන් නිසා පොල්ගෙඩි මිලියනයකට වෙච්චදේ!
By Shehan
සත්ව සංගණනය සඳහා අවම වැය කිරීමක් සිදුකර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා පවසනවා.
රිලවුන්, වඳුරන්, දඬු ලේනුන් සහ මොණරුන්ගෙන් සිදුවන වගා හානි හේතුවෙන්, මේ මස 15 වැනිදා සත්ව සංගණනයක් සිදු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, කොළඹ ඊයේ කැදවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ සත්ව හානිය පිළිබඳව තොරතුරු වාර්තා වුවද ඒ සඳහා මේ දක්වා නිවැරදි තක්සේරුවක් නොකිරීම මත මෙම සංගණනය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බවයි.
රිලවුන් ඇතුළු විවිධ සතුන් පසුගිය වසරේ අපේක්ෂිත පොල් අස්වැන්නෙන් ගෙඩි මිලියන 100කට පමණ හානි කළ බවයි කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසනවා.
