පද්මේ, නිලංග, සලින්ත, ළහිරු සහ බැකෝ සමන්ට දින 90කට රැඳවුම් නියෝග

Report

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනා දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ත්‍රස්ත මර්දන පනත යටතේ මොවුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

බැකෝ සමන් තැඹිලි ලහිරුත් එක්ක පොලීසියට වමාරපුවා හොයන් යද්දි ගෝල බාලයෝ පවුල් පිටින් පැනලා

බැකෝ සමන් තැඹිලි ලහිරුත් එක්ක පොලීසියට වමාරපුවා හොයන් යද්දි ගෝල බාලයෝ පවුල් පිටින් පැනලා

ඉකුත් සෙනසුරාදා දින මෙරටට රැගෙන ආ මෙම සැකකරුවන් 5දෙනා ජකර්තා හීදි අත්අඩංගුවට ගෙන තිබුණා.

එසේම මොවුන්ගෙන් තිදෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර තවත් දෙදෙනෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙන බව ද සඳහන්.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

එබැවින් මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් ප්‍රශ්න කිරීම්වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ඇත.

මේ අතර ළහිරු මදුසංඛ හෙවත් තැඹිලි ළහිරු සහ එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන් යන අපරාධකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙන බව සඳහන්.  

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න