ශ්‍රී ලංකාවට එරෙහි සිම්බාබ්වේ T20 සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා සිම්බාබ්වේ සංචිතය නම් කර ඇත.
සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මෙලෙස නම් කර තිබේ.
සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් වන්නේ:
අබ්‍රයන් බෙනට්, රයන් බර්ල්, බ්‍රැඩ් එවන්ස්, ට්‍රෙවර් ග්වාන්ඩු, ක්ලයිව් මැඩන්ඩේ, ටිනොටෙන්ඩා මපෝසා, තඩිවානාෂේ මරුමානි, වෙලින්ටන් මසකඩ්සා, ටෝනි මුන්යොංගා, ටෂිංගා මුසෙකිවා, බ්ලෙසින් මුසරබානි, බ්‍රෙන්ඩන් මයර්ස්, සහ විලියම්ස් ය.
තරග තුනකින් සමන්විත මෙම විස්සයි20 තරගාවලියේ පළමු තරගය හෙට (03) ආරම්භ වීමට නියමිතය.