දැන් රැල්ල යන්නේ කොහාටද නාමල්ට බලන්නකො පින් පාට උසේ හැටියට මහත
පසුගිය දින මාතලේ රත්තොට ප්‍රදේශයේ පොදු ජන පෙරමුණේ ජන හමුවක් පැවැත්වූ අතර එහිදී බොහෝ දේශපාලඥයන් පිරිසක් නුදුරු අනාගතයේදීම නාමල් රාජපක්ෂ රටේ ජනාධිපති වන බවට අදහස් පළ කළේය.
ඒ අතරතුරේදී අදහස් දැක්වූ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් නාමල් රාජපක්ෂ පිළිබඳව වර්ණනා කළේ පහත ආකාරයේ අදහසක්ද ප්‍රකාශ කරමින්,
"බලන්න පින් පාට උසේ හැටියට මහත මහතෙ හැටියට උස කතා කරනකොට කතා කරන්නේ අපේ කමෙන්. ඒ නිසා ඒ උරුමක්කාරකම තියෙනවා නාමල් ඇමතිතුමාට. හෙට දිනයේ රටේ අයිතිකාරයා නෙවෙයි බාරකාරයා බවට නාමල් ඇමතිතුමා පත්වෙන්නන ඕනි."
යනුවෙන් උන්වහන්සේ අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කර සිටියේය.