එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන අවධානය

Report

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ 16 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාව පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ අදහස් හා නිර්දේශ දක්වා ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් රජය ප්‍රතිඥා ලබාදුන්නද එම පනත උපයෝගී කරගනිමින් තවදුරටත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ දීර්ඝ කාලීනව රඳවා තැබීමට කටයුතු කරයි.

රනිල් කරේ පොඩි වැරැද්දක් නෙමෙයි හරිනම් දැනට අවුරුදු 35කට කලින් රනිල් හිරේ යන්න ඕනේ

රනිල් කරේ පොඩි වැරැද්දක් නෙමෙයි හරිනම් දැනට අවුරුදු 35කට කලින් රනිල් හිරේ යන්න ඕනේ

මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම තවදුරටත් අත්හිටුවීම, එය අහෝසි කිරීම හෝ ඒ වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව නව නීති කෙටුම්පතක් හඳුන්වාදීම වේගවත් කළයුතු බව මානව හිමිකම් මහා කොමසාරිස්වරයා නිර්දේශ කරන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවාගෙන සිටින සියලුම සැකකරුවන් නිදහස් කරන ලෙසද මානව හිමිකම් මහා කොමසාරිස්වරයා නිර්දේශ කරයි.

 

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

එමෙන්ම රට තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමකාමී එක්රැස්වීම හා භාෂණයට පවතින නිදහස අනිසි අන්දමින් සීමාකරන නීති සහ යෝජිත නීති අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස මානව හිමිකම් මහ කොමසාරිස්වරයා නිර්දේශ කරයි.

තවද මානව හිමිකම් කවුන්සිලයේ 16 වන සැසිවාරය සැප්තැම්බර් මස 8 වනදා සිට ඔක්තෝබර් මස 3 වනදා දක්වා පැවැත්වෙනු ඇත. 16 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊට සහභාගී වීමට සුදානම්ය.

යාපනයේ උණුසුම් තත්ත්වයක් මාලිමාවේ නියෝජිතයෙකුට විරෝධයක්

යාපනයේ උණුසුම් තත්ත්වයක් මාලිමාවේ නියෝජිතයෙකුට විරෝධයක්