අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රැප් ගායකයාට ඇප

Report

රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් නොහොත් 'මදුවා' නැමති පුද්ගලයා පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධියකට කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔහුව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලැබී ඇති බව වාර්තා වේ.

අඳාළ රැප් ගායකයා ජෙලග්නයිට් කූරු 3ක්, ඩෙටනේටර් 5ක් හා ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 3.5ක් සමඟන් මෙසේ අත්අඩංගුවට පත්වී ඇත.

ප්‍රසිද්ධ ගායකයෙක් පුපුරණ ද්‍රව්‍ය තොගයක් එක්කම අත්අඩංගුවට

ප්‍රසිද්ධ ගායකයෙක් පුපුරණ ද්‍රව්‍ය තොගයක් එක්කම අත්අඩංගුවට

කෙසේ වෙතත් පොලිස් විමර්ශනවලදී හෙළිව තිබුණේ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ඔහුට ඔහුගේ මිතුරෙකු විසින් ලබා දී ඇති බවයි.

එසේම සැකකරු පවසා තිබුණේ තමාට භාර දුන් පාර්සලයේ අන්තර්ගතය ගැන නොදැන එය භාරගත් බවත්, අනතුරුව එහි තිබූ පුපුරණ ද්‍රව්‍ය දැකීමෙන් බියට පත්ව එය වළදැමූ බවත්ය.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

මේ අතර අඳාළ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ මිතුරා මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ලැබුණු තොරතුරු මත සිදුකළ වැටලීමකදී මෙම රැප් ගායකයා සහ පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මොහු මින් පෙරද ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට පත්ව පසුව ඇප ලැබූවෙක් බවටත් තොරතුරු වාර්තා වේ. 

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න