රනිල් මහත්තයටයි සමගි ජන බලවේගයටයි එකතුවෙන්න පුළුවන් නම් ඒක හරි ෂෝක්, ඔක්කොම දාලා කපුකම් කරන නාමල්

SJB Namal Rajapaksa Ranil Wickremesinghe UNP Sinhala news
By Kaushi Sep 02, 2025 11:58 AM GMT
Kaushi

Kaushi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ඉතිහාසයේ හැම ආණ්ඩුවක්ම වැටිලා තිබෙන්නේ අභ්‍යන්තර ගැටුම් නිසා බව සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ ජනහමුවක් අමතමින්.

ඒ අනුව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

"අපි එදා ඉදන් කියන්නේ රනිල් මහත්තයයි සමගි ජන බලවේගයයි එකතුවෙන්න ඕන කියල,මොකද අපි කට්ටිය බෙදලා දේශපාලනය කරන අය නෙමෙයි අපි හැමදාම විශ්වාස කරන්නේ මේ රටේ දේශපාලන පක්ෂ වෛරයෙන් තොර දේශපාලනයක් කරන්න ඕන කියල,මං හිතනවා එක්සත් ජාතික පක්ෂයටයි සමග ජන බලවේගයට එකතුවෙන්න පුළුවන් නම් ඒක හරි ෂෝක්. ඊළඟ ජනාධිපතිවරණයට ගොඩක් කල් තිබෙනවා ඊට කලින් මෙම ආණ්ඩුවත් එක්ක විසඳගන්න ප්‍රශ්න ගොඩක් තිබෙනවා අද වෙනකොට ලූනූ ගොවියෝ අසරණ වෙලා අද පිටරටින් පොඩි බද්දක් ගහලා ලූනූ ගෙන්නනවා,ඉතින් මෙහි ගොවියෝ අසරණ වෙලා,අලගොවියා අසරණ වෙලා ,ඌව වෙල්ලස්සට යද්දි උක් ගොවියා අසරණ වෙලා ඉන්නවා, අනිත් පැත්තෙන් වී ගොවියා අසරණ වෙලා පොරොන්දු වෙච්චි මිලට වී ටික කියාගන්න බැරුව ඉන්නවා, රණවිරු දඩයම යනවා,නාවික හමුදාපතිවරයා හිරේ දාලා එල්.ටී.ටී. ත්‍රස්තවාදයට සාක්ෂිකාරය කරලා,ඒ නිසා ජනාධිපතිවරණයක් මහ මැතිවරණයක් ගැන සාකච්ඡා කරන්න කලින් රටේ ජනතාවගේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා මේ ආණ්ඩුවත් එක්ක විසඳගන්න ඒ නිසා අපි මේ සටන ඉන්නවා.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ඒ සටනට මේ සියලු දෙනාම එකතු වෙන්න ඕන කියලා මම හිතනවා. ආණ්ඩුවේ තේමා පාඨය කෙසේ වෙතත් බැලූ බැල්මට ආණ්ඩුව වැඩක් කරන්නේ නෑ කියලා පේනවා කෘෂිකර්ම අමාත්‍යවරයා පත් කරලා තිබෙන්නේ පිටින් හාල් ගේන්න පිටින් කෑම ගේන්න පිටින් එළවළු පලතුරු ගේන්න ඒ නිසානෙ කෘෂිකර්ම අමාත්‍යවරයා කියන්නේ පිටරටින් ගෙනල්ල කන්න දෙන එක ලාබයි ලංකාවේ වගා කරනවට වඩා කියලා,ඉතිං ඒක තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. අපි කියන්නේ මේ රටේ ව්‍යවස්ථාපිතව බෞද්ධ ආගමට නිසි තැනක් දීලා තිබ්බා,ඒක ආරක්ෂා වෙන්න ඕන මං හිතන්නේ කිසිම රටක මේ නොවිය යුතු කාරණයක් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඩයස්පෝරාවට ඕන විදිහට එල්.ටී.ටී. ත්‍රස්තවාදය ඩයස්පෝරාවට ඕන විදිහට කටයුතු කිරීමයි,ඒ නිසා ඔවුන් පැහැදිලිවම ඒ ගමන යනවා." යනුවෙන් පැවසුවා.

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න