මාලනී ෆොන්සේකා සම්බන්ධයෙන් දැන් ලැබුණු පුවත.. (UPDATE)
ජනප්‍රිය රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පැතිර යන කටකතා අසත්‍ය බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඇය මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවට පවුලේ ඥාතීහූ පැවසූහ.
තවත් දින දෙකකින් ඇගේ ප්‍රතිකාර අවසන් වී ඇය නිවෙස වෙත යෑමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. එමෙන්ම ජනතාවට එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් අදාළ අසත්‍ය පුවත් මුදාහරින පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු සිදුකර ඇති බවත් ඇගේ පවුලේ ඥාතීහු පැවසූහ.
--------------------
ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් රෝහල්ගත කර තිබේ.
ඇය මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
දීර්ඝ කාලීනව ඇය රෝගී තත්ත්වයකින් පෙලෙන අතර නිසි ලෙස ඖෂධ නොගැනීම නිසා රෝගය උත්සන්න වී ඇති බව වෛද්‍ය මත වී ඇතැයි ද සඳහන් වෙයි.
