ඉරානයේ නව නායකයාගේ පළමු නිල ප්‍රකාශයෙන් ලෝකයම තැති ගනී - ජාත්‍යන්තරයම කැළඹෙයි
ඉරාන නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිය පත් කිරීමෙන් පසුව පළමුවරට නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි පටිගත කළ විශේෂ දේශනයක් ඔස්සේ සිදුකළ මෙම ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, රට තුළ ජාතික එකමුතුව සහ ඒකීයතාවය අවශ්‍ය බවට අවධාරණය කර ඇති බවයි.
එසේම මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සියල්ල වහාම වසා දමන ලෙසද ඔහු ඉල්ලා තිබෙන බව සඳහන්. එසේ නොකළහොත් එම කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බට ද ඔහු අනතුරු අඟවා ඇත.
ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙයි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය
කෙසේ වුවද ඉරානය අසල්වැසි රටවල් සමඟ මිත්‍රත්වය සහ සහයෝගීතාවයට කැපවී සිටින බවත්, ප්‍රහාර ඉලක්ක කරන්නේ අමෙරිකානු හමුදා කඳවුරු පමණක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මේ අතර එම දේශනයේදී නව උත්තරීතර නායකවරයා විසින් ඉරානයට එරෙහි පාර්ශවයන්ට පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් වසා තබන බවද පවසා ඇත.