මග බලා සිටි මොහොතක් - ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා කමේනි ලෝකය අමතයි

Report

ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා කමේනි විසින් ඉරානයට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය ඇරඹූ යුද්ධයේදී ඉරාකය කටයුතු කළ ආකාරය ගැන ඉරාක පූජක පක්ෂයට සහ ජනතාවට තම ස්තූතිය පළකර ඇත.

ඉරාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉරාක උත්තරීතර ඉස්ලාමීය සභාවේ කථානායකවරයා සහ ඉරාකයේ ඉරාන තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් පසුව, කමේනි විසින් යොමුකළ බවට පැවසෙන ලිපියක් ඉරාක නිලධාරියෙකුට ලබාදී ඇත.

අපිට යුද්ධේ එපා - ඇමරිකාව හා ඊශ්‍රායලය ඇවිලෙයි - ජනතාව මහ පාරට - ආණ්ඩුවට විරුද්ධව විරෝධතා

අපිට යුද්ධේ එපා - ඇමරිකාව හා ඊශ්‍රායලය ඇවිලෙයි - ජනතාව මහ පාරට - ආණ්ඩුවට විරුද්ධව විරෝධතා

එමෙන්ම ඉරානයේ නව උත්තරීතර නායක ලෙස මාර්තු මස මුලදී මොජ්තබා කමේනි පත්වීමෙන් පසු ඔහු යොමුකළ බවට පැවසෙන ලිඛිත පණිවිඩ කිහිපයක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව ඇත.

කෙසේ වෙතත් ඔහු පත්වූදා සිට තවමත් ප්‍රසිද්ධියේ හෝ රාජ්‍ය රූපවාහිනියේ දක්නට නොලැබුණු අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ මොජ්තාබා කමේනි මිය ගොස් හෝ ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවය.

රතු මුහුද කැළඹෙයි - යේමනයේ මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න - හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් වේ

රතු මුහුද කැළඹෙයි - යේමනයේ මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න - හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් වේ

නමුත් කමේනි මහජනයා ඉදිරියට නොපැමිණීම ආරක්ෂක හේතුවක් මත සිදුවන බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන තානාපතිවරයා පවසයි.

ඉරානයේ හිටපු උත්තරීතර නායක අභාවප්‍රාප්ත අයදුල්ලාහ් අලි කමේනි පෙබරවාරි 28 වන දින ප්‍රහාරයේ පළමු දිනයේම මිය ගිය නමුත් ඔහුගේ දේහය තවමත් භූමදාන කර නොමැති බව සඳහන්වේ.

හදිසියේම තෙල් මිල ඉහළට - යුද්ධයෙන් ගණන් නගින තෙල්

හදිසියේම තෙල් මිල ඉහළට - යුද්ධයෙන් ගණන් නගින තෙල්