රතු මුහුද කැළඹෙයි - යේමනයේ මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න - හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් වේ
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ යේමන මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින ලෙස යුරෝපා සංගමයේ සමුද්‍රීය ආරක්ෂක අංශ (EU Naval Force Aspides) වෙළඳ නෞකා වෙත හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.
ඉරානයේ සහය ලබන හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ සහ ඒඩන් බොක්කේ ගමන් ගන්නා වෙළඳ නෞකා ඉලක්ක කර ගනිමින් යළිත් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.
හූති සංවිධානය විසින් ඊයේ (28) ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම තත්ත්වය උග්‍ර වී ඇත. පලස්තීනුවන්ට සහය පළ කිරීමක් ලෙස පවසමින් හූති කැරලිකරුවන් විසින් 2023 නොවැම්බර් මාසයේ සිට රතු මුහුදේ නෞකා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ලැබේ.