මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාවෙන් නිල නිවේදනයක්

Anura Kumara Dissanayaka Narendra Modi Sinhala news
By Dilasha Mar 28, 2025 05:45 AM GMT
Dilasha

Dilasha

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මස 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇති බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වි සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් මෙරට රැඳීසිටින කාලය තුළදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනුරාධපුර ජය ග්‍රී මහා බෝධීන් වහන්නේ වැඳපුදා ගැනීමට සහ ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිත බවද වාර්තා වේ.

දිවයින පුරා නව ආපනශාලා රැසක් ස්ථාපනයට රජය සූදානම් වෙයි

දිවයින පුරා නව ආපනශාලා රැසක් ස්ථාපනයට රජය සූදානම් වෙයි

මෙම සංචාරය තුළදී දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීමට ද නියමිත බව සඳහන් වේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගීවීමට නියමිත බවද එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.  


බටහිර රටවල් රණවිරුවන් දඩයම් කරද්දි ආණ්ඩුව පොලිස්පති දඩයමේ…! – නාමල්

බටහිර රටවල් රණවිරුවන් දඩයම් කරද්දි ආණ්ඩුව පොලිස්පති දඩයමේ…! – නාමල්

ReeCha