ශ්‍රී ලංකාවේ සංචාරය ගැන මෝදිගෙ X ගිණුමේ තැබූ සටහන මෙන්න!

Report

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි එළඹෙන 04 වන දින සිට 06 වන දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දීය රජය මේ ගැන පසුගිය දිනක නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කළා. මෙම සංචාරය සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ඔහුගේ X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.

මෝදිගේ සංචාරය නිසා කොළඹට කරන්න හදන අලුත් වැඩේ (VIDEO)

මෝදිගේ සංචාරය නිසා කොළඹට කරන්න හදන අලුත් වැඩේ (VIDEO)

එම සටහන මෙසේයි:

"මගේ ශ්‍රී ලංකා සංචාරය 4 සිට 6 වන දින දක්වා සිදු වෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුවයි මේ සංචාරය සිදු වන්නේ. අපි ඉන්දියා-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ බහුවිධ පැතිකඩවල් සමාලෝචනය කරමින්, සහයෝගීතාවයේ නව අවස්ථා ගැන සාකච්ඡා කරන්න සැලසුම් කරනවා. ඒ සඳහා විවිධ රැස්වීම්වලට එක්වීමට මම බලාපොරොත්තු වෙනවා."