මැදපෙරදිග අර්බුදය ගැන ප්‍රංශ - ඉන්දු නායකයින් අතර සාකච්ඡා

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහිදී බටහිර ආසියාවේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයේ ආරක්ෂාව සහ නිදහස කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය ද නායකයන් දෙපළ අවධාරණය කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 07 කට තද අකුණු අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07 කට තද අකුණු අනතුරු ඇඟවීම්

ප්‍රංශ ජනාධිපතිවරයා සමග පැවැත්වූ දුරකතන සංවාදය පිළිබඳ X සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මෙසේ පවසා ඇත්තේ කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේ සමීප සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

කලාපය තුළ උණුසුම්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක, උපායමාර්ගිකව වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත සහ බාධාවකින් තොර නාවික ගමනාගමනය සහතික කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කළ බව ඔහු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සමීප සහයෝගීතාවය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ද නායකයින් දෙපළ එකඟ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

Audi–SAIC හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වෙයි

Audi–SAIC හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වෙයි