දරුවන් දඩබ්බර වීමට බලපාන දෙමාපින්ගේ වැරදි
දෙමාපියන්ට වැඳ නමස්කාර කර ගෞරව කරන දරුවන් වෙනුවට දෙමාපියන්ට පහරදෙන, මරාදමන දරුවන් ගැන නිතර අපට අසන්නට දකින්නට ලැබේ. මෙවැනි දරුවන් හමුවේ අපේ දරුවෝ හරිම මුරණ්ඩුයි කියා සැනසෙන්නට බොහෝ දෙමාපියෝ හුරුව සිටිති. එසේ සැනසෙන දෙමාපියෝ් මුළු ජීවිත කාලයම හ`ඩා වැළපෙති. දසමසක් කුස දරා ලේ කිරිකර පොවා හැ¥ තම දරුවා දිනෙක තමාට මෙලෙස එරෙහිව නැ`ගී සිටී යැයි මව්වරුන් කිසි දිනෙක නොසිතන්නට ඇත. දහදිය මහන්සිය කැපකොට වෙහෙසවී උස් මහත් කළ තම පුතු හෝ දියණිය දිනෙක තමාට අකීකරුවනු ඇතැයි පියවරු නොසිතන්නට ඇත. එහෙත් එම අමිහිරි අත්දැකීම වි`දින්නට සිදුවූවිට කිනම් මවකට හෝ පියෙකුට හිත වාවාගත හැකිද? එනිසා එසේ වීමට හේතු සහ ඒවා වළක්වා ගන්නා අයුරු ගැන මෙවර අපි විමසා බලමු. වෛද්‍යතුමනි දරුවන් අකීකරුවන්නේ ඇයි? අකීකරු යැයි චෝදනාකරන දරුවන් දෙස විමසා බැලීමේදී පළමුව මොවුන්ගේ කුඩා කාලය කෙසේ පැවතුනි දැයි කියා සොයා බැලිය යුතුයි. එහිදී බොහෝවිට හෙළිවන්නේ මෙම දරුවන්ගේ කුඩා කාලය සුන්දරව ගතවී නැති බවය. ඊට ප‍්‍රධානම වගකිව යුත්තන්වී ඇත්තේ එම දරුවන්ගේ දෙමාපියන්මය. මව් කුසින් බිහිවූ දරුවකුගේ මොළය වයස අවුරුදු 05 දක්වා කාලය තෙක් වර්ධනයවේ. ඉන්පසු එහි ක‍්‍රිියාකාරීත්වය මුවහත්වේ. එනිසා මෙම කාලය තුළ දරුවාට අසන්නට දකින්නට සහ විඳින්නට ලැබෙන සිද්ධීන් ඇසුරින් දරුවාගේ ඉදිරි අනාගතය තීරණයවන බව අප කොයිකවුරුත් වටහාගත යුතුය. තරුණවියේදී මුරණ්ඩු යැයි සහ දරුණු යැයි පවසන දරුවන් බොහෝ දෙනෙක් ඊට හුරුවී ඇත්තේ තම කුඩාකල ලැබූ අමිහිරි අත්දැකීම් මත බව හෙළිවී ඇත. එනිසා දෙමාපියන් තම දරුවන්ගේ වයස අවුරුදු 05 පමණ දක්වාවූ කාලය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය. වර්තමානයේ බොහෝ දරුවන් තම කුඩා කාලය ගතකරන්නේ දිවා සුරැුකුම් මධ්‍යස්ථානයකය. එසේත් නැතිනම් මව හෝ පියාගේ සෙනෙහස අහිමිව වැඩිහිටියකුගේ ඇසුරේය. මව්පිය ආදරය අවශ්‍යම කාලයේ දරුවන් මෙලෙස ගතකිරීම තුළින් සිදුවන්නේ ඔවුන්ගේ මනසට දුක ඇතිවීමය. එවිට ඔවුනගේ වෛරී නාඩි, කෝප නාඩි, පලිගැනීමේ නාඩි කෙමෙන් කෙමෙන් අවදිවේ. එය වයසත් සමග වර්ධනයවී තරුණ වියට පත්වන විට තමාට පාලයන කරගැනීමට නොහැකි මට්ටමට පැමිණිය හැකිය. මෙවැනි දරුවන් ඉක්මනින් කෝපවේ. ආවේගශීලීය. අකීකරු යැයි මුරණ්ඩු යැයි දෙමාපියන් පවසන බොහෝ දරුවන්ගේ කුඩා අවධිය ගැන සොයා බැලූ විට ඔවුන් බොහෝ දෙනෙක් මෙම අත්දැකීම් ලබා සිටිති. වෛද්‍යතුමනි මෙවැනි දරුවන් නිවැරදි මගට ගන්නේ කෙසේද? අද බොහෝ දෙමාපියන් වැඩිපුර සිතන්නේ තම දරුවාගේ බාහිර සැප සම්පතක් ගැන මිස අභ්‍යන්තර සැප සම්පත් ගැන නොවේ. දරුවාට ගෙවල් දොරවල් හදාදීම, යාන වාහන ගැනීම, ජනප‍්‍රිය පාසලකට දරුවා ඇතුළත් කරගැනීම ආදී බාහිර සැප සම්පත් ගැන සිතා ඒ වෙනුවෙන් තම කාලය කැප කරති. මෙසේ කාලය කැප කිරීමේදී දරුවාට නිසි කලට හිමිවිය යුතු සෙනෙහස අහිමිවේ. එනිසා දෙමාපියන් හැකි සෑම මොහොතකම තම දරුවන්ගේ කුඩා කාලය දෙමාපිය සෙනෙහස ඇතිව සතුටින් ගතකිරීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතුය. වර්තමානයේ බොහෝ මුරණ්ඩු දරුවන්ගේ දෙමාපියන් දෙස විමසා බලනවිට දකින්නට ලැබෙන දරුණුතම ඛේදවාචකයවී ඇත්තේ එම දෙමාපියන් විවිධ අනියම් ඇසුරුවලට යොමුවී ඇති බවය. මොවුන් මෙවැනි අනියම් අසුරුවලට යොමුවන්නේ දරුවන් කුඩා කාලයේදීය. එසේ අනියම් ඇසුර සොයන දෙමාපියන් පවසන්නේ ළමයි ලොකු වෙනකොට ඒවා අත්හරින බවය. නමුත් සිදුවී ඇත්තේ තම දරුවාට නිසිකළ හිමිවිය යුතු සෙනෙහස නොදී දෙමාපියන් තමාගේ අනියම් සෙනෙහස සොයා ගොස් දරුවන් අතරමං කිරීමය. තම දරුවන් අකීකරු යැයි මුරණ්ඩු යැයි පවසන සහ මත් ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහිවූ හෝ විවිධ අනියම් ඇසුරු සඳහා යොමුවූ දරුවන් සමග කථාබහ කරන විට වැටහෙන්නේ ඔවුනට කුඩාකල නිසි ලෙස මව්පිය සෙනෙහස හිමි නැති බවය. එහිදී එම දරුවන්ගේ දෙමාපියන් සමග කතාකරන විට හෙළිවන්නේ ඔවුන් දරුවන්ගේ කුඩා කාලයේදී සමීප ඇසුරක් පවත්වා නැති බවය. ඊට හේතු ලෙස වැඩිපුරම හෙළිවන්නේ මුදල් ඉපැයීමට විදේශගත වීම හෝ විවිධ අනියම් ඇසුරු සඳහා වැඩි කාලයක් යොමුකර තිබීමය. මෙවැනි හේතුවල බරපතළකම වන්නේ මුදල් ඉපැයීමට විදේශගතවූ දෙමාපින්ගේ දරුවනට අසීමිතව බාහිර සැප සම්පත් හිමිවී තිබීමය. එනිසා එම දරුවන් තුළ ඇත්තේ බාහිර රසවින්දනය පමණි. අනියම් ඇසුරුවලට යොමුවූ දෙමාපියන්ගේ දරුවනට සිදුව ඇත්තේ දෙමාපියන් ළඟ සිටියද ඔවුනට බාහිර හෝ අභ්‍යන්තර සැපසම්පත් හිමිවී නොතිබීමය. එනිසා ඔවුනට ඇත්තේ රසවින්දනයක් නොව වේදනාවක් පමණි. ඔවුන් එම වේදනාව පිටකරන්නේ දෙමාපියන්ට වෛර කිරීමෙනි. මෙම තත්ත්වය අවබෝධ කරගෙන සෑම දෙමාපියෙක්ම තම දරුවන්ගේ අනාගතය යහපත් කරන්නට නම් හැකි සෑම මොහොතකම දරුවන් සමග සමීපව සිටිය යුතුය. තමා අදහන ආගම දහම අනුව කටයුතු කරමින් දරුවන්ට ආදර්ශයක් ලබාදිය යුතුය. දරුවන්ට ආහාර පාන මෙන්ම ආදරය කරුණාව ඉවසීම අන් අය සමග සමගිව ජීවත්වන ආකාර ගැනද දැනුවත් බවක් ලබාදිය යුතුය. එවිට එම දරුවන් තරුණවියට පත්වූවිට දෙමාපියනට සලකන සහ ඔවුනට ගරු කරන මෙන්ම සමාජයට වැඩදායක අනාගත පරපුරක් බවට පත්වනු ඇත.