ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.

Report

අධ්‍යාපනයේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා නව ප්‍රවණතාවන්ට සරිලන පරිදි විෂයන් අනුව අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් ලෙස විද්‍යාපීඨ ශික්ෂණලාභින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.

ගුරුවරුන්ට ගෙවන දීමනා වල වෙනසක්. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.


ඒ අනුව මේ සඳහා ම වෙන් වූ ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක අවශ්‍යතාවක් පැන නැගී ඇති බව ද මෙහි සඳහන් වෙයි.

එබැවින් ගුරු අධ්‍යාපනඥ සේවාවේ වෘත්තීය සමිති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු වෘත්තීය සමිති ද දැනුම්වත් කර මෙම විද්‍යාපීඨ 19 ඒකාබද්ධ කර අධ්‍යාපනය සඳහා වූ ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ කිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් දැනටමත් ගෙන ඇති අතර එහි මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

මුහුදු රළ ඉහළට .- දැඩි අනතුරු ඇඟවීම්. - රතු සහ ඇම්බර් නිවේදන නිකුත් කරයි. - ලංකාවේ මේ තැන් වල නම් ඉන්නේ පරිස්සමෙන්.

මුහුදු රළ ඉහළට .- දැඩි අනතුරු ඇඟවීම්. - රතු සහ ඇම්බර් නිවේදන නිකුත් කරයි. - ලංකාවේ මේ තැන් වල නම් ඉන්නේ පරිස්සමෙන්.


1986 දී ආරම්භ කරන ලද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අද වන විට 19ක් ඇත. මෙම විද්‍යාපීඨවලට ඇතුළත් වන අභ්‍යාසලාභීන් ශික්ෂණලාභී ගුරුභවතුන් ලෙස වසර 03ක පුහුණුවක් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත්ව පාසල්වල 1-11 ශ්‍රේණිවල විවිධ විෂයන් ඉගැන්වීම සඳහා පත්කරනු ලැබේ.

අධ්‍යාපනයේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා නව ප්‍රවණතාවන්ට සරිලන පරිදි විෂයන් අනුව අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් ලෙස විද්‍යාපීඨ ශික්ෂණලාභින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කරමින් සිටී.

උසස් අධ්‍යාපන ලබන්න බලාගෙන ඉන්න ඔබට මෙන්න සුබ ආරංචියක්.

උසස් අධ්‍යාපන ලබන්න බලාගෙන ඉන්න ඔබට මෙන්න සුබ ආරංචියක්.


ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවට අනුමැතිය ලැබී ඇති අතර ඒ සඳහා වූ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් අධ්‍යයනය කර අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.

ෆොන්සේකා සහ පාඨලී ආණ්ඩුවට එක්වෙයි.? - ඔවුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

ෆොන්සේකා සහ පාඨලී ආණ්ඩුවට එක්වෙයි.? - ඔවුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්.


ඒ සඳහා නීතිපති නිශ්කාශනය ලැබීමෙන් පසු එකී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලැබීමෙන් අනතුරුව අධ්‍යාපනය සඳහා වූ නව ජාතික විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු‍ කටයුතු සූදානම් කර ඇත.

මෙම විශ්වවිද්‍යාලයෙන් බිහි වන අධ්‍යාපනවේදී උපාධිධාරීන් (විෂය වර්ග අනුව) 2028න් පසු පාසල් පද්ධතියේ ගුරු සේවයට එක් වනු ඇත .  

අභිරහස් ලෙස මියගිය මල්ශාලා හිමිකරුගේ සිරුර හමු වූ තැන.

අභිරහස් ලෙස මියගිය මල්ශාලා හිමිකරුගේ සිරුර හමු වූ තැන.