ඡන්දෙන් පස්සෙත් ඒවගේ ඉන්න වගේ කල්පනාව.. හිටපු අමාත්‍යවරුන්ගේ පසුබෑමට නඩු ..

Report

 රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිපියක් යවමින් ඊයේ  (15) දැනුම් දුන්නේය.

මෙහෙමත් ප්ලෑන් එකක් ... සැකය ළමුන් දෙදෙනෙක් වෙත ..

මෙහෙමත් ප්ලෑන් එකක් ... සැකය ළමුන් දෙදෙනෙක් වෙත ..

රජයේ බංගලා වහාම බාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට සිහිකැඳවීම් කිහිපයක්ම කර ඇතත් ඊයේ (15) වන විට නිවාස භාරදී ඇත්තේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනකු පමණක් බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරුන් රජයේ බංගලා බාරදීමේ ලොකු පසුබෑමක් දක්නට ලැබෙන බව අමාත්‍යාංශය පවසයි.

මහින්ද රාජපක්ෂත් කිව්වා. ඒත් නාමල් ඇහුවේ නෑ.. . එතුමා උදේ නැගිටපු ගමන් වරුවක් නහයෙන් අඬනවා, කෙඳිරිගානවා..

මහින්ද රාජපක්ෂත් කිව්වා. ඒත් නාමල් ඇහුවේ නෑ.. . එතුමා උදේ නැගිටපු ගමන් වරුවක් නහයෙන් අඬනවා, කෙඳිරිගානවා..

හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට කොළඹ 7 ප්‍රදේශයෙන් ලබාදී තිබූ බංගලා සංඛ්‍යාව 40 කි.මේ අනුව තවමත් බාර දී නැති බංගලා සංඛ්‍යාව 29කි.

මේ අතර අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමේදී සියලු කරුණු සමාලෝචනය කර වියදම් අඩුවන ආකාරයේ අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.