මෙහෙමත් ප්ලෑන් එකක් ... සැකය ළමුන් දෙදෙනෙක් වෙත ..

Sri Lanka Police Sri Lanka Crime Murder
By Piyumika Oct 16, 2024 02:26 AM GMT
Piyumika

Piyumika

Report

ළමා නිවාසයක ආරක්ෂාවට සිටි මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පැපිලියාන ප්‍රදේශයේ ළමා නිවාසයක සිදුවූ එම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 16ක සහ 17ක පිරිමි ළමුන් දෙදෙනෙකි.

කරුණු සැගවීම ගැන වෙනම පරීක්ෂණයක් කරන්න වෙනවා..උදය ගම්මන්පිළට විජිත ගෙන් දවස් තුනක්..

කරුණු සැගවීම ගැන වෙනම පරීක්ෂණයක් කරන්න වෙනවා..උදය ගම්මන්පිළට විජිත ගෙන් දවස් තුනක්..

පැපිලියාන ප්‍රදේශයේ පිහිටි මෙම ළමා නිවාසයේ, අධිකරණ මගින් යොමුකරන ලද ළමුන් 12 දෙනෙකු නේවාසිකව රඳවා සිටී. එහි පරිපාලන කටයුතු සඳහා කළමනාකාරවරියක් හා ප්‍රධාන පාලිකාවක් සිටින අතර, මුරකරු ලෙස කටයුතු කර තිබුණේ, සික්කු හේවගේ පියදාස ඩයස් නමැති අයෙකි.

ඊයේ  (15) අලුයම ඔහු ළමා නිවාසයේ නොසිටීම හේතුවෙන් එහි භාරකරුවන් සහ ළමුන් එක්වී එම පරිශ්‍රය පරීක්ෂා කර ඇත. එහිදී ඝාතනයට ලක්වූ මුරකරු පළමුවෙන් දැක තිබුණේ, එහි නේවාසිකව සිටින දරුවෙකි.

මෙම සිද්ධිය සිදුවීමට පෙර ඊයේ දින  අලුයම ළමා නිවස ආසන්නයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක් සොරකම් කර ඇති අතර, එය සොරාගත් පුද්ගලයා අදාළ ළමා නිවාසය තුළට දිවයන ආකාරය දුටු බව ත්‍රිරෝද රථයේ අයිතිකරු විසින් අලුයම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසකට පැමිණිලි කර තිබේ.

ජීප් රථයක් සම්බන්දව හිටපු ලොක්කෙක් අත්අඩංගුවට..

ජීප් රථයක් සම්බන්දව හිටපු ලොක්කෙක් අත්අඩංගුවට..

ඒ අනුව පොලිස් නිලධාරීන් ළමා නිවාසයේ පාලිකාවගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර ඇත්තේ,  අලුයම 4.30ට පමණය. පසුව  පෙරවරුවේ මුරකරුගේ මළ සිරුර ළමා නිවාසයේ ළිඳ ආසන්නයේ තිබී සොයාගෙන ඇත්තේ එවැනි පසුබිමක් තුළදීය.

ඝාතනය සම්බන්ධයෙන් ළමා නිවාසයේ සිටින වයස අවුරුදු 17ක ප්‍රධාන සැකකරු සහ අවුරුදු 16ක පිරිමි ළමයෙකු පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සෙසු ළමුන්ගෙන් වෙන් කර වෙනත් කාමරයක රඳවා සිටි ප්‍රධාන සැකකරු සිය කාමරයේ ජනේලයේ රාමුව ගලවා පිටතට පැමිණ මුරකරු ඝාතනය කර ඇති බවය. ඒ බාහිරින් පැමිණි අයෙකු විසින් මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලීසියට ඒත්තු ගැන්වීමේ අරමුණෙනි.

ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සිසුන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් යලිත් ශ්‍රේෂ්ඨාධිකරණයට..

ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සිසුන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් යලිත් ශ්‍රේෂ්ඨාධිකරණයට..

සැකකාර ළමුන්ගේ අරමුණ වී තිබුණේ සොරකම් කරන ලද ත්‍රිරෝද රථයෙන් මළසිරුර බෙල්ලන්විල වැවට දැමීමය. ත්‍රිරෝද රථයේ හිමිකරු පැමිණීම හේතුවෙන් එය සොරකම් කිරීමේ උත්සාහය ව්‍යර්ථ වීම හේතුවෙන් සැකකරුවන් මළසිරුර ළමා නිවාසයේ ළිඳ අසල දමා නැවතත් සිය කාමරවලට පැමිණ නිදාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

බොරලැස්ගමුව පොලීසිය පැවසුවේ, අදාළ ඝාතනයට ළමා නිවාසයේ සිටින තවත් ළමයෙකු සම්බන්ධ වී ඇත්දැයි සෙවීම සඳහා විමර්ශන පවත්වන බවය.

ඝාතනයට ලක්වූ වයස අවුරුදු 80ක් වූ සික්කු හේවගේ පියදාස ඩයස් දෙදරු පියෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් සංජය ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණි.