ඇමති විජිතගෙන් ශෝකීය පණිවිඩයක්
මධ්‍යම වියට්නාමය හරහා ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
අමාත්‍යවරයා තම නිල X ගිණුමේ සටහනේ සඳහන් කළේ, ගංවතුරෙන් තුවාල ලැබූ සහ විපතට පත්වූ සියලුදෙනාට ඔහුගේ ශෝකය පළ කරන බවයි.
වියට්නාමයේ සිදුවූ විනාශය පිළිබඳව දැන ගැනීමෙන් කනගාටුවට පත්වූ බවත්, ශ්‍රී ලංකාව වියට්නාම ජනතාව සමඟ මේ මොහොතේ සහයෝගයෙන් කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කරයි.
දින කිහිපයක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සිදු වූ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 90කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.