ඇමති විජිත සෞදි යන්න සැරසෙයි
ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26 වන මහා සභා සැසිවාරයට සහභාගී වීම වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හෙට (8) සිට නොවැම්බර් 11 දක්වා සෞදි අරාබියේ රියාද් නුවර නිල සංචාරයකට යෑමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව මෙම සංචාරය අතරතුර, අමාත්‍ය විජිත හේරත් මහතා UNWTO හි ඉහළ පෙළේ සැසිවාරවලට සහභාගී වීමට නියමිතයි.
එමෙන්ම එහි සාමාජික රටවල් කිහිපයක නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික හමුවීම් පැවැත්වීමට ද නියමිත බව සඳහන්.
මේ අතර 1975 දී ආරම්භ කරන ලද UNWTO හි ශ්‍රී ලංකාව ආරම්භක සාමාජිකයෙකු වේ.
එබැවින් අමාත්‍යවරයාගේ මෙම සංචාරයට අරමුණු වී ඇත්තේ UNWTO සහ එහි සාමාජික රාජ්‍යයන් සමඟ සහයෝගීතා තවදුරටත් තර කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යෑම බව වාර්තා වේ.