මහරගම යන අයට සුබ ආරංචියක්

Report

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර 2000 සිට කිලෝමීටර 3-700 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝමීටර 16 ප්‍රමාණයකින් යුත් ජාතික මාර්ග වැඩි දියුණු කිරීමට ඇමෙරිකා ඩොලර් මිලියන 50ක අරමුදල් සපයා ගැනීම පිණිස අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වේ.

අඳාළ ණය මුදල යටතේ වන අවසන් ව්‍යාපෘතිය ලෙස කිලෝමීටර 6.7 කින් යුත් මහරගම පිළියන්දල මාර්ගය හඳුනාගනු ලැබ ඇති බව සඳහන්.

අද මේ අයට විශේෂ සුනාමි පෙරහුරුවක්

අද මේ අයට විශේෂ සුනාමි පෙරහුරුවක්

මේ අතර එම මාර්ගයේ එක් කිලෝමීටරයක ප්‍රමාණයක් මේ වන විටත් වැඩි දියුණු කර ඇති අතර, ඉතිරි කිලෝමීටර 5.7 ක ප්‍රමාණය පැකේජ 03 ක් යටතේ වැඩි දියුණු කිරීමට තීරණය කර තිබෙනවා. එබැවින් A සහ C කොටස් වල කිලෝමීටර 04 ක ප්‍රමාණයක වැඩිදියුණු කිරීමේ කටයුතු ණය මුදලේ ප්‍රතිපාදන යටතේ දැනටවත් ආරම්භ කර ඇත.

8 කොටස වන ඉතිරි කිලෝ මීටර 1.7 ක ප්‍රමාණය වැඩි දියුණු කිරීමට එකී ණය මුදලේ අරමුදල් ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මහරගම - පිළියන්දල මාර්ගයේ A කොටසේ කිලෝ මීටර 1.7 ක ප්‍රමාණය ශ්‍රී ලංකා රජයේ අරමුදල් මඟින් අලුත්වැඩියා කිරීමට වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇති බව වාර්තා වේ. 

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

වාහන පදින ඔයාලා වෙනුවෙන්ම රජයෙන් සුපිරි වැඩක් ආයේ බයවෙන්න දෙයක් නෑ

වාහන පදින ඔයාලා වෙනුවෙන්ම රජයෙන් සුපිරි වැඩක් ආයේ බයවෙන්න දෙයක් නෑ