''හිතේ හැටියට පච්ච ගහන්නෙයි කියන්න'' - ඇමති හර්ෂණ නනායක්කාර තම පුතා සහ දුව ගැනත් හෙළි කරයි [VIDEO]

By Malith Madushan Nov 01, 2026 08:04 AM GMT
Report

යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සාමාන්‍ය පුද්ගලයන්ට තම කැමැත්තෙන් පච්චයක් (Tattoo) ගැසීම හේතුවෙන් අත්අඩංගුවට පත්වීමට සිදුවන බවට පැතිර යන ප්‍රචාරවල කිසිදු පදනමක් නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

රුපවාහිනි නලිකාවක් සමග සංවාදයකදි අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කර ඇති අතර, යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමාජය තුළ පැතිර යන වැරදි මත පිළිබඳවද කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධිකරණය සහ මිනිස් ජාවාරම් වැනි දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම එවැනි අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී විදේශීය විමර්ශන අංශ සමඟ තොරතුරු හුවමාරු කරගැනීමද මෙම නීතිමය ක්‍රමවේදයේ අරමුණක් බව ඔහු පෙන්වා දී තිබේ.

ජනතාවට තවත් බදු සහන රැසක් - ඉදිරි අයවැයෙන් බදු කිහිපයක්ම අඩු කරන බවට ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

ජනතාවට තවත් බදු සහන රැසක් - ඉදිරි අයවැයෙන් බදු කිහිපයක්ම අඩු කරන බවට ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

යම් පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකුද යන්න තීරණය කිරීම සඳහා කරුණු 12ක් සලකා බලන බවද අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

එහිදී පච්ච සලකුණු පිළිබඳව සලකා බලන්නේ ජපානය, සිංගප්පූරුව හෝ ඇමෙරිකාව වැනි රටවල හඳුනාගත් අපරාධ කණ්ඩායම්වල සාමාජිකයන් තම කල්ලියේ අනන්‍යතාව හෝ එහි තනතුර ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිත කරන විශේෂිත සලකුණු සම්බන්ධයෙන් පමණක් බව ඔහු සඳහන් කර තිබේ.

“දැන් ඒ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක් වුණාම, එයා සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක්ද කියලා සලකා බැලිය යුතු කරුණු 12ක් තිබෙනවා. අද මම ඒ පනත ගෙනාවේ නැහැ. මට දොළහම ඔයාට කියන්න බැහැ. එතකොට ඒකේ කියන්නේ දොළහක් සලකා බලන්න පුළුවන්. ඒ කියන්නේ කල්ලියේ තියෙන Meeting වලට සහභාගි වෙලා තියෙනවද, සාමාජිකත්වයද කියලා බලන්න ඒකේ තියෙනවා. අර සමහර වෙලාවට අපි යෙදුව එකක් ටැටූ එක. දැන් ටැටූ කිව්වාම හැමෝම අර්ථකථනය කළේ කොහොමද? ආ,දැන් ‘අම්මා බුදු වේවා’ කියලා ගහගෙන යන්නත් බැහැ, ගහගෙන ගියොත් එහෙම අල්ලන් යනවා. වැරදි. ඒකේ වැදගත් කෑල්ලක් තියෙනවා. ‘හඳුනාගත් අපරාධ කණ්ඩායම්වල ප්‍රකට සාමාජිකයන්ගේ’ කියලා. Known Criminal Groups.”

දකුණු කොරියාවේ ඉගෙනගෙන රැකියාවක් කරන්න අවස්ථාවක් - ශ්‍රී ලාංකික සිසුන්ට නව දොරටුවක්

දකුණු කොරියාවේ ඉගෙනගෙන රැකියාවක් කරන්න අවස්ථාවක් - ශ්‍රී ලාංකික සිසුන්ට නව දොරටුවක්

ඒ අනුව සාමාන්‍ය පුද්ගලයෙකු තම කැමැත්ත අනුව ගසන පච්චයක් හේතුවෙන් මෙම පනත් කෙටුම්පත යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බව අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

“මම කියන්නේ හිතේ ගහාන්නෙයි කියන්න. මොකද, බැරි වෙලාවත් ඔය කියන එක නම් ඇත්තම නීතියේ තත්ත්වය, ඒ කියන්නේ ඕනෑම ටැටූ එකකට අල්ලන් යන්න පුළුවන් නම්, මගේ දුවයි පුතයිත් අල්ලන් යනවා පොලිසිය. හරිද? ඒක නිසා ඒක නම් ඉතා මිලේච්ඡ ලෙස බොරු කීමක් කළේ.”

තවද, යෝජිත පනත් කෙටුම්පත තුළ කොණ්ඩය දිගට වැවීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් ඇතුළත් නොවන බවද හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. ඒ අනුව සාමාන්‍ය තරුණ පරපුර තමන්ගේ කැමැත්ත අනුව පච්ච ගැසීම හේතුවෙන් සිරගත වීමට සිදුවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීමෙන් පෙන්වා දී ඇත.

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දිවයිනෙන් පිටත්ව යයි

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දිවයිනෙන් පිටත්ව යයි